NDT පාඨමාලාවේ සුවිශේෂත්වය හා ඉතිහාසය..
National Diploma in Technology (NDT) එහෙම නැතිනම් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව කියන්නේ වසර 71ක අභිමානවත් ඉතිහාසයක් තියෙන දිවයිනේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලීය අභ්‍යන්තර පුර්ණකාලීන පාඨමාලාවක්.මරදාන කාර්මික අභ්‍යාස ආයතනයේදී 1940 වසරේ Junior Technical Officer (J T O) පාඨමාලාව ලෙසින් ආරම්භ වුනු NDT පාඨමාලාව,1960 දී කැනේඩියානු ආධාර සහිතව කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය ලෙස වත්මන් මොරටුව විශ්ව විද්‍යාලිය භුමිය තුල සිය සංවර්ධනයේ පළමු පියවර තැබීය.1967 දී JTO පාඨමාලාව NDT පාඨමාලාව ලෙස සංවර්ධනය කරන්නට යෙදුනි.1972 පෙබරවාරි 15 දින ශ්‍රී ලංකා කාර්මික ආයතනය, කටුබැද්ද මණ්ඩපය ලෙසද,1978 දී මොරටුව විශ්ව විද්‍යාලය බවට ද පත්වූ මෙම පාඨමාලාව 1985 දී අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම මට්ටමේ ඉංජිනේරු කළමනාකරුවන් ගේ අවශ්‍යතාව සපුරා ගනු වස්, 1987 දී මොරටුව විශ්ව විද්‍යාලිය පුර්ණකාලින තුන් අවුරුදු පාඨමාලාවක් බවට පත් විය.ඉන් අනතුරුව අප පාඨමාලාව 2000 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලිය තාක්ෂණික ආයතනය යටතට අන්තර්ග්‍රහණය කරන ලදී.එදා මෙදා තුර NDT ඩිප්ලෝමා ධාරීන් රටේ සංවර්ධනයට වූ දායකත්වය වෙන කිසිවෙකුටත් දෙවෙනි නැහැ.නයායික හා ප්‍රායෝගික දැනුමෙන් පිරිපුන් ඔවුන්ගේ දක්ෂතාවයන් රටේ සංවර්ධනය තුලින් මනාව විදහාපාන බව කාටත් රහසක් නොවේ. NDT පාඨමාලාව යනු ස්වරලත් හෝ වරලත් ඉංජිනේරු තත්වයට පත්වීමේ මුලික අඩිතාලම වශයෙන් සැලකෙන අතර මේ වන විට ලොව පුරා පිළිගත් වෘත්තිය මට්ටමේ සුදුසුකම් ලබාදෙනු ලබන පාඨමාලාවකි. වර්තමානය වන විට රට තුල ඉතාම තරගකාරී අධ්‍යාපන රටාවක් පවතින මුත් අවසානයේදී විශ්ව විද්‍යාල වරම් හිමි වන්නේ 1 % ක් තරම් සීමිත සිසු පිරිසකට පමණි.ඒ අතරින්ද ශ්‍රී ලංකාවේ ඇති සියලුම විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ වලට වසරකට ඇතුලත් විය හැක්කේ 1000 කට ආසන්න වූ සුළු ප්‍රමාණයකට පමණි.ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවෙකුගේ මුලික බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීමය.නමුත් එම අවස්තාව හිමි වන්නේ ඉතා අතලොස්සකට පමණි.ආදරණිය නංගි මල්ලි,NDT පාඨමාලාව සාර්ථකව නිමා කරන ඔබටත් ඉතා කෙටි කලකින්ම එම තත්වයට පත වීමේ දුර්ලබ අවස්තාව හිමි වී තිබේ. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක (උදා.MORGAN state university ) හෝ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක අවසන් වසරට ඇතුලත් වී තම උපාධිය (B.Eng ) සම්පුර්ණ කිරීමට NDT ඩිප්ලෝමාධාරීන්ට අවස්ථාව සලසා දී තිබේ.එමෙන්ම ශ්‍රී ලංකාවේදී city & Gilds,SLIIT... වැනි ආයතන මගින්ද NDT ඩිප්ලෝමාධාරීන්ට තම උපාධිය සම්පුර්ණ කිරීමට අවස්තාව සලසා දී ඇත.එමෙන්ම විවෘත්ත විශ්වවිද්‍යාලය (OUSL) මගින් පවත්වාගෙන යනු ලබන B.Tech. ඉංජිනේරු පාඨමාලවේ පළමු,දෙවන,හා තෙවන අදියර වල තෝරාගත් විෂයන් විශාල ප්‍රමානයක් NDT ඩිප්ලෝමාධාරීන් සදහා නිදහස් කරනු ලබයි.මිට අමතරව IIESL (Institute of Engineering Sri Lanka) ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත හැකි වීම හා එහි විභාග වලට පෙනී සිටීමට හැකි වීම ද ඔබට ලැබෙන අමතර වාසියකි.NDT පාඨමාලාව නිම කරන සිසුන්ට IIESL හි පළමු අදියරේ විෂයන් තුනක් නිදහස් කරනු ලබයි.එමෙන්ම OUSL හා IIESL ආයතන වලට ඇතුලත්ව තමන්ගේ උපාධිය සම්පුර්ණ කිරීමේ වරම වන වසර විභාගය සාර්ථකව අවසන් කරන NDT සිසුන්ට හිමි වීමද සුවිශේෂත්වයකි. |