මොරටු ගී ...........
හිරු රැස් නැගෙන විට campus අඹර ගැබේ
ගත සිත පුබුදුවන සුවයක් ඔබට ලැබේ
දෙනුවන් ගියත් ඒ අරුමැසි ලොවට ඉබේ
වෙන්වුන තරමටය මතුදින එළිය ඔබේ
හදවත හලාහල විසපිරි අතර තුර
සවනට මී බඳුය නංවන බමර සර
සිතුවිලි මත්ව යන මුත් ලොවම හැර
ඔබහට ඔබය - නොබලනු උන් මුහුණුවර
හෙලමින් නිරතුරුව සොහොයුරු පෙමක නෙතු
යන එන විටදී හමුවී මිතුදමක් පැතු
ඔබහට කදුළු දෙන්නට එන අයට මතු
හදවත ගිමන් හලකට වෙන් නොකළ යුතු
වෙයන් තුඹස සාදයි සුභ වෙලාවට
මියන් නටයි පුසන් නැති වෙලාවට
මිතුරන් සිටී අතමිට සරු වෙලාවට
කව්රුත් නුඹට නැත වැරදුනු වෙලාවට
Campus ජීවිතය සතුටින් බර වේවා !!
අහසක් උසට උස පැතුමන් ඉටු වේවා !!
දහසක් පහන් දැල්වී මග එළි වේවා !!
සොයුරිය - සොයුර ඔබ හට ආසිරි වේවා !!
-එදිරි
හිරු රැස් නැගෙන විට campus අඹර ගැබේ
ගත සිත පුබුදුවන සුවයක් ඔබට ලැබේ
දෙනුවන් ගියත් ඒ අරුමැසි ලොවට ඉබේ
වෙන්වුන තරමටය මතුදින එළිය ඔබේ
හදවත හලාහල විසපිරි අතර තුර
සවනට මී බඳුය නංවන බමර සර
සිතුවිලි මත්ව යන මුත් ලොවම හැර
ඔබහට ඔබය - නොබලනු උන් මුහුණුවර
හෙලමින් නිරතුරුව සොහොයුරු පෙමක නෙතු
යන එන විටදී හමුවී මිතුදමක් පැතු
ඔබහට කදුළු දෙන්නට එන අයට මතු
හදවත ගිමන් හලකට වෙන් නොකළ යුතු
වෙයන් තුඹස සාදයි සුභ වෙලාවට
මියන් නටයි පුසන් නැති වෙලාවට
මිතුරන් සිටී අතමිට සරු වෙලාවට
කව්රුත් නුඹට නැත වැරදුනු වෙලාවට
Campus ජීවිතය සතුටින් බර වේවා !!
අහසක් උසට උස පැතුමන් ඉටු වේවා !!
දහසක් පහන් දැල්වී මග එළි වේවා !!
සොයුරිය - සොයුර ඔබ හට ආසිරි වේවා !!
-එදිරි